නේපාලයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව පැවති විරෝධතාවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමත් සමග සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට නේපාල රජය තීරණය කර තිබෙනවා.
ෆේස්බුක් සහ යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26 ක් නේපාලය තුළ ක්‍රියාත්මක කිරීම තහනම් කිරීමට නේපාල රජය විසින් පසුගියදා පියවර ගත් අතර මීට විරෝධය පළ කරමින් එරට තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් විරෝධතාවක නිරත වුණා.
එම විරෝධතා අතරතුර කන්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටද විරෝධතාකරුවන් ඇතුළු වූ අතර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබුවා.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට නේපාල රජය තීරණය කර තිබෙනවා.