23.4 C
Colombo
Wednesday, January 14, 2026

අයිස් අමුද්‍රව්‍ය බවට සැක රසායනික ද්‍රව්‍ය ගැන වාර්තාව දින දෙකකින්

Published:

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන බව කියන රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ඉදිරි දින දෙක තුළ ලබාදෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.

මේ වන විට අදාළ ද්‍රව්‍යවල සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි එහි සභාපති වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා සඳහන් කළේ.

පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් හෙළිවූ තොරතුරු මත මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා බවට සැකකෙරෙන රාසායනික ද්‍රව්‍ය තොගයක් පළමුව සොයාගත්තා.

ඉන් අනතුරුව පෙරේදා දිනයේ තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී මෙවැනිම ද්‍රව්‍ය තොගයක් සොයාගත් අතර ඊයේ (08) කදාන ප්‍රදේශයේ දී ද එවැනි ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,995FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img