15 දෙනෙකුට දිවි අහිමි කළ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බිහිසුණු බස් අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ සේවකයන්ගේ මෘතදේහ මේ වනවිට තංගල්ල නගර ශාලාව වෙත රැගෙනවිත් එහි තැන්පත් කර තිබෙනවා.
තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථය ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී පෙරේදා (04) ප්‍රපාතයකට පෙරළී තිබුණා.
මෙම අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු මිය ගියා.
අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.



