29.5 C
Colombo
Saturday, September 6, 2025

ග්‍රෑන්ඩ්පාස් සහ පංචිකාවත්තේදී වෙඩිතැබීම් දෙකක් – තරුණයෙක් මරුට

Published:

ඊයේ (5) රාත්‍රී 11.45ට පමණ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයෙක් මියගොස් තිබෙනවා.

මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර ඔහු 26 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩිතැබීම සඳහා රිවෝලවර් වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකපල කරනවා.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර මරදාන ප්‍රදේශයේ පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට අද (6) අලුයම 1.40ට පමණ තවත් වෙඩිතැබීමක් සිදුව තිබුණා.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,513FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img