ආර්ථික ශක්‍යතා හඳුනාගනිමින් සහ ආර්ථිකය ගමට ප්‍රසාරණය කරමින් ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ රට සංවර්ධනය කරා ගෙන යාම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවාකල් පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක් වෙමින්.
ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීම වෙනුවෙන් තම පාලන කාලය තුළ කැප වී කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී සඳහන් කළා.
මෙම සැප්තැම්බර් මාසයේදී රට පුරා නව සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා සංවර්ධන ව්‍යාපෘති අවසන් කළ යුතු දිනට අවසන් නොකිරීමේ සහ ඇස්මේන්තු කළ මුදලට වඩා වැඩි මුදලක් වැය කිරීමේ පැරණි සම්ප්‍රදාය අවසන් කරමින් සියලු සංවර්ධන ව්‍යාපෘති නිසි කලට නිම කර, එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට රජය කැප වී සිටින බවද සඳහන් කළා.
පරන්තන් – කරච්චි – මුලතිව් මාර්ගයේ නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පිහිටා ඇති වට්ටුවාකල් පාලම මතින් දිනකට වාහන 3000 කට වඩා ගමන් කරනවා.
දීර්ඝ කාලයක් තිස්සේ පාලම අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් දැඩි අනාරක්ෂිත තත්ත්වයක් මතු ව තිබෙනවා.
ඒ අනුව, මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ එය මංතීරු 2කින් යුත් නව පාලමක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන අතර, රුපියල් බිලියන 1.4ක ජනතා බදු මුදල් යොදා ගනිමින් ක්‍රියාත්මක ව්‍යාපෘතිය, 2027 සැප්තැම්බර් 02 වන දින අවසන් කිරීමට නියමිතයි.