Home Business ආනයනික අල – ළූණු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

ආනයනික අල – ළූණු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

0
9
ආනයනික අල - ළූණු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට
ආනයනික අල - ළූණු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

බී ළූණු සහ ආනයනික අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (26) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබු රුපියල් 60ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 80 දක්වා ඉහළ දමා ඇති අතර ආනයනික බොම්බයි ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා රුපියල් 40කින් ඉහළ දමා තිබෙනවා.

මෙම බදු සංශෝධනය ඊයේ දිනයේ සිට මාස 03ක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන බවයි මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here