28.4 C
Colombo
Tuesday, August 26, 2025

හිටපු ජනපති රනිල්ට ඇප ලබාදීමට විරෝධය – රනිල් Zoom තාක්ෂණයෙන් නඩුවට එක්වෙයි

Published:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ මේ වනවිට කැඳවා තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන්, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටි අතර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටිනවා.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධත්වය දක්වා තිබෙනවා.

මේ අතර ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ නඩුවට එක්වීමට නියමිත බවද වාර්තා වෙනවා.

මේ අතර විපක්ෂ නායක සජිත්‍ ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයින් විශාල පිරිසක් අධිකරණ පරිශ්‍රයේ සිටින බවයි වාර්තා වෙන්නේ.

මේ වනවිට කොළඹ කොටුව අවට සහ අධිකරණය ආසන්නයේ විශාල ජනකායක් ද රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් රැස්ව සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img