27 C
Colombo
Saturday, February 28, 2026

මාතර වෙඩිතැබීමක්

Published:

ඊයේ (25) රාත්‍රීයේ මාතර වෙරළ පාර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් අවන්හලක හිමිකරුවෙකුට වෙඩිතැබීමක් සිදුකර පලා ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇතැයි පොලීසිය පවසනවා.

වෙඩි තැබීමට ඉලක්ක වූ අවන්හලේ හිමිකරු වෙඩික්කරු සමග පොර බැදීමක් සිදුකිරීමෙන් පසු සැකකරු පලාගොස් තිබෙනවා.

ගිනිඅවිය, සජීව පතරොම් 4ක් සහ හිස් කොපුවක් එම වෙඩිතැබීම සිදුකළ ස්ථානයේ තිබී හමුව තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,778FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img