27.8 C
Colombo
Saturday, August 23, 2025

රනිල් බලන්න ආ මහින්ද සජිත් මාධයට කියූ දේ

Published:

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට ගොස් බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඔහු එහිදී සඳහන් කළේ දේශපාලන නායකයින්ව සුළු වැරදිවලට සිරගත කිරීම ගැන තමා කනගාටුවට පත්වෙන බවයි.

රජයේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත් මෙවැනි ක්‍රියාවන් පළිගැනීමක් මිස වෙන ක්‍රියාවක් නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

මේ අතර සමාජ මාධ්‍ය තුළ එක් පුද්ගලයෙකු නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අනාවැකි පලකිරීම තුළ අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පැවසුවා.

ඒ අද (23) උදෑසන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට නව මැගසින් බන්ධනාගාරය වෙත ගොස් පිටතට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් .

යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සහ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන මොහොතක නීතියේ සඳහන් නොවන තුන්වන පාර්ශවයකට නීතියේ අවසන් ක්‍රියාවලිය පුරෝකථනය කළ නොහැකි බව ද සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

එය බොහෝම භයානක තත්ත්වයක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වීමට නම් රටේ ජනතාව නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය නිවැරදි බවට විශ්වාස කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,366FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img