27.2 C
Colombo
Saturday, August 23, 2025

රනිල්ගේ නඩුව විභාග කිරී​ම විනාඩි 30 කට අත්හිටුවයි

Published:

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩුව තවදුරටත් විභාග වෙමින් පවතින බව වාර්තා වෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීම හෝ රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් වන තීරණය විනාඩි 30 කට කල් තබා ඇති බවයි සඳහන් වෙන්නේ.

අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇති බව මීට පෙර තොරතුරු වාර්තා වුනත්, නඩුව තවමත් අවසන් නොමැති බව මේ වන විට වාර්තා වනවා.

පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගත් බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙත වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් කරන ලද ආරාධනා පත්‍රයේ පිටපතක් නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය විසින් නිකුත්කර තිබුණා.

එම පක්ෂයේ මාධ්‍ය ඒකකය මේ සම්බන්ධව සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය අරමුදල් අනිසි ලෙස භාවිත කර නොමැති බවයි.

එම සම්පූර්ණ ලිපිය පහතින්,

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමත් සමග හිටපු දේශපාලඥයින් කිහිපදෙනෙකු ද අධිකරණ භූමියට පැමිණ තිබුණා.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාට සහය දක්වන පාක්ෂිකයින් විශාල පිරිසක් ද අධිකරණ භූමියට රැස්ව සිටි අතර රනිල් වික්‍රමසිංහ මහතාව අධිකරණය වෙත රැගෙන ඒමත් සමඟ එම භූමියේ ආරක්ෂාව දැඩි කිරීමටද පියවර ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img