24.5 C
Colombo
Wednesday, November 26, 2025

හිටපු ජනපති රනිල් CIDයට පැමිණෙයි

Published:

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබෙනවා.

ඒ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන ඇති බව කියන සිදුවීමකට අදාළව කෙරෙන විමර්ශනයකටයි.

2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල එම සංචාරය සිදුකර ඇති බව සඳහන්.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පුද්ගලයින් දස දෙනෙක් මෙම සංචාරයට ගොස් ඇතැයිද වාර්තා වෙනවා.

අදාළ විමර්ශනයට මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img