29.5 C
Colombo
Wednesday, August 20, 2025

ශ්‍රී ලංකාව, ලෝක තහනම් උත්තේජක විරෝධී නීති සංග්‍රහයට අනුකූල නෑ

Published:

ලෝක තහනම් උත්තේජක විරෝධී  නීති සංග්‍රහයට, ශ්‍රී ලංකාවේ ජාතික තහනම් උත්තේජක විරෝධී සංවිධානය (NADO) අනුකූල නොවන බව ලෝක තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය (WADA) තහවුරු කර තිබෙනවා.

WADA හි විධායක කමිටුව (ExCo) විසින් WADA හි ස්වාධීන අනුකූලතා සමාලෝචන කමිටුවේ (CRC) නිර්දේශය පසුගිය මාර්තු 27 වන දින පැවති රැස්වීමේදී අනුමත කළා.

 ඒ අනුව ශ්‍රී ලංකා NADO ආයතනය අනුකූලතා ‘නිරීක්ෂණ ලැයිස්තුවට’ එක් කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා NADO ආයතනය එහි නීතිමය රාමුව සමාලෝචනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අනුකූලතා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිරීක්ෂණ ලැයිස්තුවට එකතු කර තිබෙනවා.

මෙම පියවර මගින් ශ්‍රී ලංකාව මේ වනවිට අනුකූල නොවන සිව්වන රට බවට පත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img