26.7 C
Colombo
Saturday, August 23, 2025

වරෙන්තුව අත්හිටුවන්නැයි හිටපු ඇමති රාජිතගෙන් මෝසමක්

Published:

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට නිකුත්කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.

එම මෝසම අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග හමුවේ කැඳවනු ලැබුවා.

කරුණු තහවුරු කිරීම සඳහා විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ අදාළ මෝසම සම්බන්ධයෙන් පැමිණිලිකාර අල්ලස් කොමිසම අධිකරණයේ පෙනී සිටින අවස්ථාවක එම ඉල්ලීම සිදු කරන ලෙසයි.

ඒ අනුව අදාළ මෝසමින් ඉල්ලා සිටින කරුණට අදාළව අධිකරණය නියෝගයක් නිකුත් කළේ නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img