30.6 C
Colombo
Wednesday, January 14, 2026

යතුරුපැදියක් බස් රියක ගැටී මාරක අනතුරක්

Published:

යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මාතලේ, කයිකාවල ප්‍රදේශයේදී රාජකාරිය සඳහා යතුරු පැදියකින් යමින් සිටි ග්‍රාම නිලධාරිවරයෙකු පෞද්ගලික බස් රථයක ගැටී මෙලෙස එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බවයි රත්තොට පොලිසිය පැවසුවේ.

අද (16) උදෑසන 8.30ට පමණ සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ මාතලේ, රත්තොට, කයිකාවල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්.

මාතලේ සිට කුඹල්ඔළුව දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයක මෙම යතුරුපැදිය ගැටී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රත්තොට පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,998FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img