අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අනතුර සිදුව තිබුණේ බදුල්ල – මහියංගනය මාර්ගයේ දුන්හිද හන්දියේ දී
වන්දනාවේ ගිය පිරිසක් ගමන් කරමින් තිබූ බස් රථයක්, නවතා තිබූ ලොරියක රථයක ගැටී අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ තිස්දෙනෙකු පමණ ගමන් කරමින් සිට තිබෙනවා.
බස් රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් නවතා තිබූ ලොරියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.