ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනි කන්ද පුපුරා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලොව වඩාත් ක්‍රියාකාරීම ගිනි කන්දක් ලෙසයි මෙය සැලකෙන්නේ.
නිවුන් කඳු මුදුන් දෙකකින් සමන්වත මෙම කන්දේ ලාකී-ලාකී කොටස මෙලෙස සක්‍රිය වී තිබුණේ එරට වේලාවෙන් ඊයේ (1) රාත්‍රී 8:48ට පමණ බව සඳහන්.
ඉන්දුනීසියානු ගිනිකඳු ඒජන්සියට අනුව සක්‍රිය වූ ගිනි කන්දේ අළු දුමාරය කිලෝමීටර 10 ක උසක් පුරා අහසේ විසිරී තිබෙනවා.
මේ අතර මෙම කාලයේ අධික වර්ෂාවක් ඇති වුවහොත් ගිනි කන්දෙන් පිටවූ ලවා නායයෑමකට ලක්විය හැකි බැවින්, ගිනි කන්දේ ආවාටයෙන් කිලෝමීටර් 6-7ක ප්‍රදේශයක සිටින ජනතාවට අවධානයේ සිටින ලෙසට උපදෙස් ලැබී තිබෙනවා.