සිරගත කරන ලද හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකුට පාකිස්තාන රජය සිර දඬුවම් නියම කර තිබෙනවා.
2023 වර්ෂයේ දී හමුදාවට එරෙහි විරෝධතාවලට සම්බන්ධ වීම හේතුවෙන් හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිරගත කරන ලද අතර ගෙවුණු වසර දෙක තුළ පාකිස්තානයේ දේශපාලන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බොහෝ පිරිසකට දඬුවම් ලබා දී තිබුණා.
ත්‍රස්තවාදය මෙන්ම රාජ්‍ය රහස් හෙළි කිරීම වැනි චෝදනා 150 කට වැඩි ගණනක් ඉම්රාන් ඛාන්ට එල්ල වුණා.
තවද ඊයේ (31) පාකිස්තානයේ විපක්ෂ නායක ඕමාර් අයුබ්ඛාන්ට වසර 10 ක සිර දඬුවමක් ද හිමිව තිබුණා.
පාකිස්තාන අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම විපක්ෂ නායකයින්ට දඬුවම් නියම වූ පළමු අවස්ථාව මෙය බව සඳහන්.