අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබෙනවා.
ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මෙලෙස තීරුබදු අනුපාත පහත හෙළා තිබෙනවා.
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය අද (1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා
ඇමෙරිකාවේ ධවල මන්දිරය විසින් ජූලි 31 වෙනි දින පල කල නිවේදනය අනුව ආසියානු රටවල්වලට පැනවු තීරු බදු ප්‍රතිශතයන් මෙහි දැක්වෙනවා.
ඊශ්‍රායලය: 15%
කසකස්තානය: 15%
ජපානය: 15%
ජෝර්දානය: 15%
දකුණු කොරියාව: 15%
තුර්කිය: 15%
කාම්බෝජය: 19%
ඉන්දුනීසියාව: 19%
මැලේසියාව: 19%
පාකිස්තානය: 19%
පිලිපීනය: 19%
තායිලන්තය: 19%
බංගලාදේශය: 20%
තායිවානය: 20%
වියට්නාමය: 20%
ශ්‍රී ලංකාව: 20%
බෲනායි: 25%
ඉන්දියාව: 25%
ඉරාකය: 35%
ලාඕසය: 40%
මියන්මාරය (බුරුමය): 40%
සිරියාව: 41%