27 C
Colombo
Wednesday, October 15, 2025

රන් ආලේපිත ගිනි අවිය – දුමින්ද දිසානායක මුදාහැරීමට අධිකරණයෙන් නියෝග

Published:

වැල්ලවත්ත සුපිරි නිවාස සංකීර්ණයකින් රන් පැහැති ගිනිඅවියක් සොයාගැනීමේ නඩුවට අදාළව සෘජු හා පර්යේෂණ සාක්ෂි නොමැති බැවින් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මුදාහැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව දුමින්ද දිසානායක පසුගිය මැයි මස 23 වැනි දින අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කළා.

අනතුරුව ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව පසුගිය 14 වැනි දින ඔහුව ඇප කොන්දේසි මත නිදහස් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,269FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img