29.5 C
Colombo
Thursday, January 15, 2026

යටිනුවර විපක්ෂ නායකවරයාගේ, බිරිඳගේ සහ දියණියකගේ මළ සිරුරු සොයාගැනේ

Published:

පේරාදෙණිය – යහලතැන්න – සුනිලගම ප්‍රදේශයේ පිහිටි නිවසේදී යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සියදිවි හානි කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් කියා සිටියේ එම නිවසේ නිදන කාමරයක් මත තිබී ඔහුගේ බිරිඳගේ සහ වැඩිමහල් දියණියගේ ද මළ සිරුරු සොයාගෙන ඇති බවයි.

සියදිවි හානිකරගත් යටිනුවර ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරයාගේ වයස අවුරුදු 52ක් වන අතර බිරිඳ 44 හැවිරිදි වියේ පසුවනවා.

එමෙන්ම වැඩිමහල් දියණිය 17 හැවිරිදි වියේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

බිරිඳ සහ දියණියකගේ මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද ඔහු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,002FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img