25.6 C
Colombo
Wednesday, July 30, 2025

ජනපති පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මාලේ නුවරදී

Published:

මාලදිවයිනේ රාජ්‍ය සංචාර‍යක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද (28) පස්වරුවේ මාලේ අගනුවර ජනරජ චතුරශ්‍රයේ දී පැවැත්වුණා.

මාලේහි ජනරජ චතුරශ්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා.

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ උත්තමාචාර පිළිගත් අතර, ජාතික ආරක්ෂක බළකා පෙළපාලිය නිරීක්ෂණය සඳහාද එක්වුණා.

සත්කාරක මාලදිවයින් නියෝජිතයින් සහ ශ්‍රී ලංකා දූත පිරිස අන්‍යෝන්‍ය වශයෙන් හඳුන්වාදීම ඉන් අනතුරුව සිදු වුණා.

පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව, දෙරටේ නායකයින් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙනවා.

ජනාධිපතිවරයා සමඟ මෙම රාජ්‍ය සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,348FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img