24.5 C
Colombo
Sunday, July 27, 2025

“කඩොලානට දලුලන්න ඉඩදෙන්න” වැඩසටන අද ඇරඹෙයි

Published:

කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර රැක ගැනීම සඳහා නව රජයේ පරිසර ප්‍රතිපත්තියට අනුකූලව “කඩොලානට දලුලන්න ඉඩදෙන්න” නමින් නව වැඩසටනක් අද (26) සිට ආරම්භ කරන බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මෙම වැඩසටහන ඔස්සේ පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පුත්තලම අඩෙවි වන කාර්යාලයට අයත් මරම්බැට්ටිය මූකලාන, වවුල්කැලේ, මැරවල C, මැරවල B, මැරවල A, මැරවල, කුසල සහ කරුකපනේ B යන කඩොලාන වනාන්තරවලින් හෙක්ටයාර 67කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත ලෙස නම් කරනු ඇති.

“කඩොලානට දලුලන්න ඉඩදෙන්න” වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් පාලවිය, කරඹ පරිශ්‍රයේ දී පැවැත්වීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු සූදානම් කර තිබෙනවා.

එම වැඩසටහනට සමගාමිව කල්පිටිය ප්‍රදේශයේ ධීවර ප්‍රජාව සහභාගී කරගනිමින් කඩොලාන පැළ සිටුවීමේ වැඩසටහනක්ද පැවැත්වීමට නියමිතයි.

ලංකාවේ මේ වන විට පවතින සමස්ත කඩොලාන භුමි ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වන අතර එයින් කඩොලාන විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය ප්‍රදේශ ආශ්‍රිතවයි.

ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන ප්‍රදේශයන් හි කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරී ඇති අතර දැනට ලංකාවේ කඩොලාන විශේෂ 11ක් පමණ වාර්තා වී ඇති බවට පර්යේෂණයන්ගෙන් කරුණු අනාවරණය වී තිබෙනවා.

කඩොලාන පරිසර පද්ධතියේ වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සහ එහි තිරසර කළමනාකරණය, සංරක්ෂණය සහ භාවිතය සදහා විසදුම් සෙවීමේ අරමුණෙන් වැඩසටහන් රැසක්ද පරිසර අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ආනවිලුන්දාව රැම්සාර් තෙත් බිම් පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් අද පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,348FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img