24.5 C
Colombo
Sunday, July 27, 2025

ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි

Published:

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන අරමුණු ඇතිව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ක්‍රීඩා අද (26) සිට ආරම්භ වනවා.

ඒ අනුව ක්‍රීඩා සතියේ පළමු තරග අදියර ලෙස ‘Clean Sri Lanka පාපැදි රැලිය අද (26) පෙරවරුවේ රීඩ් පෙදෙස ක්‍රීඩා අමාත්‍යාංශය අසලින් ආරම්භ වුණු අතර ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ සංකල්පයකට අනුව Clean Sri Lanka වැඩසටහන සමඟ එක්ව මෙම ක්‍රීඩා සතිය පැවැත්වෙන අතර, ටොරින්ටන් පෙදෙසේදී අද (26) පස්වරු 3. 30ට පාපන්දු තරගයක්, පස්වරු 4ට ජිම්නාස්ටික් තරග, පස්වරු 5ට කරාටේ හා වුෂූ සංදර්ශන පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

හෙට (27) දින පස්වරු දෙකේ සිට නෙට්බෝල්, වොලිබෝල්, බාස්කට්බෝල්, රෝද සපත්තු සංදර්ශනයක්, අංගම්පෝර හා හොකී තරග පැවැත්වෙනවා.

ක්‍රීඩා සති‍යේ සමාප්තිය සටහන් කරන 31 වැනිදා පස්වරු 4ට යෝගා හා ව්‍යායෑම් සංදර්ශනයක් පැවැත්වෙන අතර, නිවසේ සිට තනිව ව්‍යයෑම් සිඳු කිරීමේ පහසුව පිණිස විශේෂඥ දැනුම ඇති පිරිසක් සකස් කරන ලද වීඩියෝවක් හඳුන්වාදීම ද නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,348FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img