29 C
Colombo
Saturday, July 26, 2025

මීළඟ අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේනගේ නම ව්‍යවස්ථාදායක සභාව අනුමත කරයි

Published:

මිළඟ අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම පසුගියදා ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළා.

ඒ අනුව අද (23) රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේදී ඊට අනුමැතිය හිමිවී තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයෙකු වන ප්‍රීති පද්මන් සූරසේන මහතා මීට පෙර අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකු ලෙසද සේවය කළා.

ඉහළ පෙළේ නඩු කිහිපයක මුලසුන හොබවා ඇති ඒ මහතා, ධුරයේ රාජකාරී සිදුකිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළා.

මේ අතර වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මෙම මස 27 වනදා එම ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,343FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img