29.5 C
Colombo
Sunday, March 1, 2026

හමුදා පුහුණු ගුවන් යානයක් පාසලකට කඩා වැටේ

Published:

බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ඩකාහී උත්තරා ප්‍රදේශයේ පාසලක් වෙත කඩා වැටී තිබෙනවා.

ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේදී පාසලේ සිසුන්ද සිට ඇති බව සදහන්.

ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරුව පිපිරීමක් ද සිදුව ඇති අතර පසුව ගින්නක්ද හටගෙන ඇති බව සදහන්.

අනතුරින් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් සිවිල් වැසියන්ද නැතහොත් හමුදා නිලධාරීන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

එරට හදිසි සේවා මේ වන විට ගින්න මැඩපැවැත්වීමට සහ තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට පියවර ගනිමින් සිටිනවා.

මෙලෙස කඩා වැටී ඇත්තේ F-7 BGI ප්‍රහාරක ජෙට් යානයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
7,291FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img