25 C
Colombo
Saturday, October 18, 2025

පෙම්වතා බේරාගන්න ගිය තරුණිය දියේ ගිලී අතුරුදන්

Published:

මහියංගනය වියානා ඇළෙහි ගිලී තරුණියක් අතුරුදන්ව තිබෙනවා.

ඇය තම පෙම්වතා සමග ඇළ කණ්ඩිය මතින් ඇවිද ගිය අවස්ථාවේ දිය සෙවළ සහිත ස්ථානයකින් පෙම්වතා එක්වරම ලිස්සා ගොස් දියට වැටී තිබෙනවා.

එවිට පෙම්වතා බේරා ගැනීම සඳහා පෙම්වතිය අත දී ඇති අතර ඔවුන් දෙදෙනාම වතුරේ ගසාගෙන ගොස් තිබෙනවා.

පසුව එම ස්ථානයෙන් ගමන් ගත් කාන්තාවක් සහ ඇගේ සැමියා වූ මහියංණය පොලිස් පුහුණු පාසලේ නිලධාරියෙක් වතුරට පැන පෙම්වතා බේරාගෙන තිබෙනවා.

ඔවුන් පෙම්වතා පමණක් දැක ඇති අතර පෙම්වතිය දැක නොමැති බවයි සඳහන් වෙන්නේ.

මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ රජරට විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක් වූ අවුරුදු 26ක් වූ තරුණියක්.

ඇය විශ්වවිද්‍යාලයෙන් නිවස වෙත ඇරලීම සඳහා පෙම්වතා පැමිණි අවස්ථාවේ ඔවුන් දෙදෙනා මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,276FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img