27.2 C
Colombo
Sunday, July 20, 2025

වත්තලදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

Published:

වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රීයේ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ත්‍රිරෝද රථයකින් අදාළ පුද්ගලයාගේ නිවසට පැමිණි මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු විසින් තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බවයි.

ඝාතනය සිදුවන අවස්ථාවේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද නිවසේ සිට තිබෙනවා.

මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි අයෙකු වන අතර ඔහු මාස කිහිපයකට පෙර එම ප්‍රදේශයේ නිවසක් කුලී පදනම යටතේ ලබාගෙන බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ජීවත්ව සිට ඇති බව සඳහන්.

මියගිය පුද්ගලයා 2023 වර්ෂයේ මහබාගේ ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකු අත්අඬංගුවට ගෙන නොමැති අතර වත්තල පොලිස් ස්ථානය මඟින්‍ හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කොට තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,338FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img