27.8 C
Colombo
Friday, July 18, 2025

වාහන ණය දෙන ක්‍රමය මහ බැංකුවෙන් වෙනස් කරයි

Published:

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මෙම නව නීති මඟින් බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන විසින් වාහන සඳහා ලබා දෙන ණය පහසුකම් සඳහා අදාළ වන රෙගුලාසි යාවත්කාලීන කර ඇති බවයි මහ බැංකුව නිවේදනය කළේ.

2018 පෙබරවාරි 08 වන දින නිකුත් කරන ලද පෙර මාර්ගෝපදේශ සංග්‍රහය වෙනුවට මෙම නව මාර්ගෝපදේශ මාලාව ක්‍රියාත්මක අතර, ඒ අනුව, වාහන වර්ගීකරණයේදී බලශක්ති ප්‍රභවය (විදුලි, දෙමුහුන්, ආදී) පදනම් කරගත් වර්ගීකරණය ඉවත් කර තිබෙනවා.

මෙම යාවත්කාලීන කිරීම් මඟින් වාහන වර්ගය අනුව ලබා දිය හැකි උපරිම මූල්‍ය පහසුකම් ප්‍රතිශතයන් වෙනස් වී ඇති අතර, ඒ අනුව,

වාණිජ වාහන: කලින් තිබූ 90%ක මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව 80% දක්වා අඩු කර ඇත. (මෙය විදුලි සහ විදුලි නොවන යන කාණ්ඩ 02 සඳහාම අදාල වේ)

මෝටර් කාර්, SUV සහ වෑන් රථ: මීට පෙර විදුලි වාහන සඳහා 90%ක් දක්වා ලබා දුන් මූල්‍ය පහසුකම් 60% දක්වා අඩු කර ඇත.

විදුලි නොවන වාහන සඳහා මීට පෙර පැවති 50%ක ණය සීමාව 60% දක්වා ඉහළ දමා ඇත.

ත්‍රිරෝද රථ: විදුලි ත්‍රිරෝද රථ සඳහා මීට පෙර 90%ක් දක්වා ලබා දුන් මූල්‍ය පහසුකම් 50% දක්වා අඩු කර ඇත.

විදුලි නොවන ත්‍රිරෝද රථ සඳහා මීට පෙර තිබූ 25%ක ණය සීමාව 50% දක්වා පුළුල් කර ඇත.

වෙනත් වාහන: 70%ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගත හැකිය.

මෙම නව නියමයන් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් භාවිතයට ගෙන ඇති සියලුම වාහන සඳහා බලපැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත්, මහ බැංකුව සඳහන් කරන්නේ අද (18) දිනට පෙර ණයවර ලිපි (Letter of Credit – LC) විවෘත කර ඇති මෙරට ලියාපදිංචි නොකළ වාහන සඳහා සංක්‍රාන්ති විධිවිධාන බලපැවැත්වෙනු ඇති බවයි.

ඒ අනුව, දැනටමත් ඇණවුම් කර ඇති වාහන සඳහා යම් සහනයක් ලැබෙනු ඇති.

මෙහිදී විදුලි සහ දෙමුහුන් වාහන සඳහා ලබා දිය හැකි ණය ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති අතර, විදුලි නොවන මෝටර් කාර්, SUV, වෑන් සහ ත්‍රිරෝද රථ සඳහා ණය සීමාවන් ලිහිල් වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,333FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img