26.7 C
Colombo
Thursday, January 15, 2026

10 සහ 11 ශ්‍රේණිවලදී අනිවාර්යය විෂයන් මෙන්න

Published:

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට ගුරු විදුහල්පති ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි චෝදනාවක් එල්ල වී තිබෙනවා.

එවන් පසුබිමක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඊයේ (17) පැවති වැඩසටහනකදී අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නව විෂයමාලා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබුණා.

ඒ අනුව 10 සහ 11 ශ්‍රේණිවලදී මව් භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ආගම යන විෂයන් අනිවාර්යය විෂයන් ලෙස දක්වා තිබෙනවා.

ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් පත්කර ඇත්තේ තෝරාගන්නා විෂයන් අතරටයි.

කෙසේ වෙතත් ගුරු විදුහල්පති සංගම් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,001FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img