27.2 C
Colombo
Friday, February 27, 2026

විදුලිය කැපීම 10වනදායින් අවසන්…..

Published:

කාල සටහනක් අනුව රට පුරා සිදු කෙරෙන විදුලි විසන්ධි කිරීම් ලබන 10 වනදායින් පසු නවතා දැමෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක පවසනවා. අමාත්‍යවරය ඒ බව පැවසුවේ කැළණිතිස්ස බලාගාරයේ අද (05) නීරීක්ෂන චාරිකාවක නිරත වීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.

විදුලි අර්බුදය විසදාලීමට කෙටි කාලීන පියවර මෙන්ම මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම්ද කි‍්‍රයාවට නංවන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

ජාතික විදුලි පද්ධතියේ දැනට ඇති හිගය පියවාලීම සඳහා තොරාගත් සමාගම් 03කින් මෙගාවොට් 100ක ධාරිතාවක් මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා. ඊට අමතරව මිලදීගැනිමේ ගිවිසුම් අවසන්වු බලාගාර දෙකක් සමග එම ගිවිසුම් නැවත අලූත් කිරීමට ද යෝජිතයි. එමගින් ජාතික විදුලි පද්ධතියට එක්කර ගැනීමට අපේක්ෂා කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් 70ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img