27.2 C
Colombo
Friday, July 18, 2025

අරගලයට පසු මැති ඇමතිවරු ලබාගත් නීති විරෝධී වන්දි යළි අයකර ගන්නැයි ඉල්ලූ පෙත්සම

Published:

2022 වසරේ මැයි මස 09 වනදා ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දීමේ සිද්ධියෙන් පසුව රට පුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස හා දේපළ ගිනිබත් වූ ඉකුත් රජයේ මැති ඇමතිවරු විසින් නීති විරෝධී ආකාරයට රජයෙන් ලබාගෙන තිබෙන වන්දි මුදල් යළි අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම නීතිඥවරයෙකු වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 13 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා

පෙත්සම මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ඇමැති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරල් කමල් ගුණරත්න, හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ටිරාන් අලස් සහ ප්‍රසන්න රණතුංග, වත්මන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, නීතිපතිවරයා ඇතුළු 15 දෙනෙකු නම් කර සිටිනවා

පෙත්සම්කරු කියා සිටින්නේ 2022 වසරේ මැයි මස 09 වනදා අරගල භූමියට පහර දීමෙන් අනතුරුව ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපළ විනාශ වූ හිටපු මැති ඇමතිවරු ඇතුළු 43 දෙනෙකුට පසුගිය රජය විසින් වන්දි ලෙස රුපියල් බිලියන 1.22 ක මුදලක් ගෙවා තිබෙන බව ඉකුත් පෙබරවාරි මස 05 වනදා අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවයි.

මෙහිදී මහජන මුදල් දැඩි ලෙස අවභාවිතාවකට ලක්වී ඇතැයි චෝදනා කළ පෙත්සම්කරු ස්වභාවික ආපදාවකදී පවා දේපළ විනාශ වීම වෙනුවෙන් එක් පුද්ගලයෙකුට ගෙවිය හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියන 2.5 ක බව සඳහන් කර සිටියා.

නිසි නීතිමය පටිපාටියට පරිබාහිරව මෙම ගෙවීම් සිදු කර ඇති බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,329FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img