27.2 C
Colombo
Wednesday, July 16, 2025

ගණ පූරණය නොමැති නිසා සීතාවක හා ආනමඩුව ප්‍රාදේශීය සභා කල් තැබේ

Published:

ගණ පූරණය නොමැති වීම හේතුවෙන් සීතාවක ප්‍රාදේශීය සභාව කල් තැබීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය අද පියවර ගත්තා.

ඒ, රහස් ඡන්දයට පක්ෂව විපක්ෂයේ ද සභිකයෙකු ඡන්දය ලබාදීමට පියවර ගෙන තිබීම හේතුවෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ සෙසු විපක්ෂයේ සභිකයින් සභාවෙන් පිටව යාමත් සමගයි.

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඊයේ තීන්දු කළා.

එවැනි පසුබිමක සීතාවක ප්‍රාදේශීය සභාව බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී සභාපතිවරයා තෝරාගැනීම සඳහා කුමන ඡන්ද ක්‍රමයක් පවත්වන්නේද යන්න තීරණය කිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කෙරුණා.

මෙම ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බලවේගයෙන් සභිකයින් 23 දෙනෙකු තේරී පත්ව සිටි අතර සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයෙන් තේරී පත්වූ සභිකයින් ගණන 24ක්.

මෙහිදී රහස් ඡන්දයට පක්ෂව ඡන්ද 24ක් සහ විපක්ෂව ඡන්ද 23ක් හිමි වුණා.

ඒ අනුව රහස් ඡන්දයට පක්ෂව විපක්ෂයේ ද සභිකයෙකු ඡන්දය ලබාදීමට පියවර ගෙන තිබීම හේතුවෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ සභිකයින් සභාවෙන් පිටව ගියා.

මේ හේතුවෙන් සභාවේ ගණ පූරණය නොමැති වීමෙන් සභාව කල් තැබීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය පියවර ගත්තා.

මේ අතර මීට පෙර රහස් ඡන්දයක් පැවැත්වීමට විරෝධය දක්වා සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සභාවෙන් පිටව යාම හේතුවෙන් ගණ පූරණය නොමැතිව කල් තැබුණු ආනමඩුව ප්‍රාදේශීය සභාව අද යළි රැස්වුණා.

කෙසේවෙතත් සභාපතිවරයා තෝරාගැනීම සඳහා මෙවරත් රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය වීමත් සමග විපක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව යාම යාම හේතුවෙන් ගණ පූරණය නොමැතිව සභාව දින නියමයක් නොමැතිව කල්තැබීමට වයඹ පළාත් පාලන කොමසාරිස්වරයා පියවර ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,323FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img