27.8 C
Colombo
Tuesday, July 15, 2025

DMT හිටපු සහකාර කොමසාරිස්වරිය ඇතුළු නිලධාරින්ට ඇප

Published:

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක වන සූර්යා ප්‍රියංගනී සිරිමාන්න සහ එම දෙපාර්තමේන්තුවේ කළමනාකාර සහකාරවරු දෙදෙනකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංගගේ නිල මැදිරියට ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදීම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවා දායකයින් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.

එහෙත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව කියා සිටියා.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බලා එක් එක් සැකකරු රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියම කළ අතර ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,278FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img