අද අලුයම 1.30 ට පමණ දෙමටගොඩ ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා.
දෙමටගොඩ මස් මඩුව ලෙස හඳුන්වන ප්‍රදේශයේ වේළුවන විද්‍යාලය අසල කැලිකසල දමන ස්ථානයේයි මෙම ගින්න හටගෙන ඇත්තේ.
කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න වහාම මැඩපැවැත්වීමට කටයුතු කළා.
කිසියම් පුද්ගලයෙකු විසින් කුණුගොඩට ගිනි තබා ඇති බවටයි ගිනි නිවන ඒකකය සැක පළ කරන්නේ.