ඇල්ල කන්දෙකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රිතව හටගත් ගින්නකින් ඉදිකරමින් පැවති සංචාරක නිකේතනයක් මුළුමනින්ම විනාශ වී ඇති බව ඇල්ල පොලීසිය පවසනවා.
පවතින වියළි කාලගුණික තත්ත්වයන් සහ තද සුළං හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර, ඒ හේතුවෙන් මෙම සංචාරක නිකේතනය ගිනිදැල්වලට හසුව විනාශයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු ව නැහැ.
බණ්ඩාරවෙල ගිනි නිවීමේ ඒකකය, පොලීසිය සහ වන සංරක්ෂණ නිලධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කර තිබෙනවා.