යාපනයේ ඩෙල්ෆ්ට් දූපත බලා ගමන් කරමින් සිටි දේශීය සංචාරකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්ව තිබෙනවා.
මෙම බෝට්ටුවේ සංචාරකයින් 12 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු ගමන් කර ඇති අතර, අනතුරෙන් පසු ඔවුන් සියලු දෙනා ආරක්ෂක අංශ විසින් බේරා ගැනීමට සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේදී මුහුද මැදින් ගමන් කරමින් තිබූ “සබරිෂ්” නම් දිගු දුර බෝට්ටුවේ කාර්ය මණ්ඩලය, අනතුරට පත් සංචාරක බෝට්ටුවෙන් සුදු කොඩියක් ප්‍රදර්ශනය කරනු දැක තිබෙනවා.
ඔවුන් ක්ෂණිකව ක්‍රියාත්මක වී, හානියට පත් බෝට්ටුවේ සිටි සියලුම සංචාරකයින් ආරක්ෂිතව තම බෝට්ටුවට මාරු කර ගැනීමට සමත් වී තිබෙනවා.
පසුව එම ස්ථානයට පැමිණි නාවික හමුදා බෝට්ටුව, බේරාගත් මගීන් තම බෝට්ටුවට නංවාගෙන තිබෙනවා.