28.4 C
Colombo
Saturday, July 12, 2025

උස්බිම් ප්‍රදේශවලට බවුසර් මගින් ජලය බෙදා හැරීමට පියවර

Published:

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් උස්බිම් ප්‍රදේශවලට පානීය ජලය බෙදාහැරීමේ ගැටලු ඇති වූවහොත් බව්සර් යොදා ජලය බෙදාහැරීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වජිරා තිරාණගම මහත්මිය පැවසුවේ දිවයිනේ විවිධ ප්‍රදේශවල දැනට පවතින අධික වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවයි.

ඒ අනුව වාහන සේදීම්, ගෙවතු වගාව ඇතුලු අත්‍යවශ්‍ය නොවන කටයුතු වලට පානීය ජලය භාවිතා කිරිම අවම කර, අත්‍යවශය දෛනික කටයුතු වලට පමණක් ජලය භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,238FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img