29.5 C
Colombo
Saturday, July 12, 2025

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක්

Published:

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ සිට කිලෝමීටර් 35ක් පමණ වයඹ දෙසින් පිහිටි සගායිං නගරයේ ලින් ටා ලූ ගම්මානයේ පිහිටි ආරමයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි සඳහන්.

ගුවන් ප්‍රහාරයට එල්ලවන විට මෙම ආරාමයේ 150කට වැඩි පිරිසක් නවාතැන් ගෙන සිට ඇති අතර, ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

මියන්මාරයේ වත්මන් පාලනය දරන හමුදා රජයට එරෙහිව සටන්කරන ප්‍රධාන බලකොටුවක් ලෙස සගායිං ප්‍රදේශය සැලකෙනවා.

ඒ හේතුවෙන් එරට හමුදාවට එරෙහිව සගායිං හි ප්‍රදේශීය කණ්ඩායම් සටන්වදින අතර, ඊට ප්‍රතිචාර ලෙස හමුදා ජෙට් යානයක් මෙම ආරාම ගොඩනැගිල්ලට බෝම්බයක් හෙළූ බව කැරළි කණ්ඩායමක සාමාජිකයෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,235FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img