28.4 C
Colombo
Saturday, July 12, 2025

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු 20/20 තරගය අද රාත්‍රියේ

Published:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු 20/20 තරගය අද රාතී 7 ට පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය සහ එක්දින තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් අද තරගාවලිය ආරම්භ කරනවා.

බංග්ලාදේශය සමග 20/20 තරගාවලි 5ක් ක්‍රීඩාකර ඇති ශ්‍රී ලංකාව, ඉන් තරගාවලි 4 කම ජය තහවුරුකරගෙන තිබෙනවා.

එක් තරගාවලියක් පමණක් ජයපරාජයෙන් තොරව අවසන් වුණා.

මේ අතර බංග්ලාදේශය සමග පැවති 03 වන එක් දින තරගයේදී ආබාධයට ලක් වූ වනිදු හසරංගට මෙම 20/20 තරගාවලියම අහිමි වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,234FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img