මැලේසියාවේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ හා ඔහුගේ සමීපතම සගයා වන කොමාන්ඩෝ සලින්ත සමග කෙහෙල්බද්දර පද්මේගේ අනියම් බිරිය වන හරක් කටාගේ බිරිඳ හා දරුවාද එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසනවා.
ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසුව කෙහෙල්බද්දර පද්මේ ඩුබායි රාජ්‍යයේ සිට මැලේසියාවට පලාවිත් තිබු අතර ඔවුන් බෝට්ටුවක් මාර්ගයෙන් එරට සිට තායිලන්තය බලායෑමට සූදානම් වූ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ පිළිබඳව මෙරට බුද්ධි අංශද අනාවරණය කරගෙන ඇති බවයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේ.
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි ඒ අතර සිටින්නේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නැහැ.