30.6 C
Colombo
Tuesday, August 26, 2025

ගුවන් යානයක එන්ජිමක් තුළට ඇදී ගොස් පුද්ගලයෙකු මියයයි

Published:

උතුරු ඉතාලියේ මිලාන් ගුවන්තොටුපළේදී පිටත්ව යන ගුවන් යානයක එන්ජිමක් තුළට ඇදී ගොස් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වයඹදිග ස්පාඤ්ඤයේ ඇස්ටූරියස් බලා යෑමට මිලාන් බර්ගමෝ ගුවන්තොටුපළේ නැවතුම්පොළෙන් මෙම ගුවන් යානය පිටව යෑමට සූදානම් වූ අවස්ථාවේ මෙය සිදුවූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, යානය ගුවන්ගත වීමට සූදානම් වෙමින් සිටියදී පුද්ගලයෙකු පාරට දිව ගොස් එන්ජිමක් තුළට ඇදී ගිය බවයි.

යානයේ සිටි මගීන් 154 දෙනා සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනාම ආරක්ෂිතව සිටින බවයි ස්පාඤ්ඤ ගුවන් සේවය වන වොලොටියා සඳහන් කර ඇත්තේ.

එසේම ගුවන්තොටුපළෙන් පිටත සිට ධාවන පථයට ළඟා වීමට මෙම පුද්ගලයාට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳව බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img