28.4 C
Colombo
Wednesday, July 9, 2025

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

Published:

2017 වසරේ සිට 2020 වසර දක්වා කාලසීමාව තුළ ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මූල්‍ය සහාය ලබා දීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්.ඩබ්ලිව් ප්‍රදීප් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව එම කමිටුව පත්කර ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

පසුගිය මැයි 17 වනදා පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223 වන පාලක මණ්ඩල රැස්වීමේදී මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය වී ඇති බව සඳහන්.

ඒ අනුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,219FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img