අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චිට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
21 හැවිරිදි ඇය අද නීතිඥවරයෙකු මාර්ගයෙන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.