ජාතික අනතුරු නිවාරණ සතිය අද (07) සිට ලබන 11 වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙනවා.
ශ්‍රී ලංකාව තුළ රෝහල් ගතවීම් අතරින් වැඩිම සාධකය හදිසි අනතුරු බවට හඳුනාගෙන තිබෙනවා.
සෑම වසරකම ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 7 දෙනෙකුගෙන් එක් අයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු ආකාරයේ අනතුරකට පත්වන බවට හෙළිවී තිබෙනවා.
සෑම විනාඩියකටම අවම වශයෙන් 6ත් 8ත් අතර සංඛ්‍යාවකට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන ආකාරයේ අනතුරක් විය හැකියි.
අනතුරුවලට ගොදුරුවන්නන්ගෙන් බහුතරයක් අවුරුදු 15ත් 44ත් අතර එනම් ඵලදායී වයස් සීමාවල පසුවන්නන්.
එම වයස් කාණ්ඩයේ සිදුවන මරණවලට ප්‍රධානම හේතුව වන්නේ අනතුරුයි.
හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවේ රෝහල් වෙත යොමුවන පිරිසගෙන් වාර්ෂිකව 2,500ත් 3,000ත් අතර සංඛ්‍යාවක් මියයන බවටයි වාර්තා තහවුරු කරන්නේ.
රෝහල්වල සිදුවන මරණවලට හේතුවන සාධක අතරින් 10 වන තැනට පත්ව ඇත්තේ හදිසි අනතුරුයි.
සෑම පැය තුනකදීම අවම වශයෙන් 4 දෙනෙකුගේ පමණ ජීවිත විවිධ අනතුරු නිසා රටට අහිමි වනවා.
මෙහි අවදානය යොමුවිය යුතු තත්ත්වය වන්නේ හදිසි අනතුරු මරණ 7,500ක් 8,000ක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමුකිරීමට පෙර සිදුවීමයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අනතුරු නිවාරණය පිළිබඳ ජනතාවගේ දැනුවත් බව ඉහළ නැංවීම සඳහා ජාතික අනතුරු නිවාරණ සතියක් ක්‍රියාත්මක කෙරෙනවා.
සෑම වසරකම ජූලි මස පළමුවන සදුදා සිට සිකුරාදා තෙක් එය ප්‍රකාශයට පත් කෙරෙන අතර ඒ අනුව එම සතිය මෙවර පැවැත්වෙන්නේ අද (07) සිට ලබන 11 වනදා දක්වායි.