27.2 C
Colombo
Thursday, August 21, 2025

බංග්ලාදේශයට ලකුණු 16 ක තියුණු ජයක්

Published:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 16කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් පන්වාර 45යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 248 ක් රැස් කළා.

එහිදී පර්වේස් හුසේන් එමොන් ලකුණු 67ක් රැස් කළ අතර ටෝහිඩ් හ්‍රිඩෝයි ලකුණු 51ක් රැස්කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් දවා ගත් අතර වනිඳු හසරංග කඩුලු 03 දවාගත්තා.

ඒ අනුව තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම හිමිවූ ඉලක්කය ලකුණු 249 ක්.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48 යි පන්දු 5 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත හැකිවුණේ ලකුණු 232 ක් පමණයි.

ශ්‍රී ලකංකාව වෙනුවෙන් ජනිත් ලියනගේ ලකුණු 78 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 56 ක් රැස් කළා. කමිඳු මෙන්ඩිස් ලකුණු 33 යි.

පන්දු යැවීමේදී ටන්වීර් ඉස්ලාම් ලකුණු 39 ට කඩුලු 5 ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත් වුණා.

මේ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ එක් තරගය බැගින් ජයගෙන කණ්ඩාය දෙකම සම තත්ත්වයේ පසුවනවා.

තරගාවලියේ ජය තීරණය කරන තීරණාත්මක 3 වන සහ අවසන් එක්දින තරගය ලබන 8 වනදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img