සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අද පස්වරු 2.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා.
තරගාවලියේ පළමු තරගය ලකුණු 77 කින් ජයගත් ශ්‍රී ලංකාව මේ වන විට එකට බින්දුවක් ලෙස පෙරමුණේ පසුවෙනවා.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පළමුවරට එක්දින තරගයක් ක්‍රීඩාකර ඇත්තේ 2002 වසරේදී.
එතැන් සිට මේ දක්වා පැවති තරග 11 ම ජය ගැනීමට සමත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාවයි.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ක්‍රීඩාංගණයේ අවසන් වරට සහභාගි වූ එක්දින තරග 6ම ජය ගැනීමට ද සමත්ව සිටිනවා.
ශ්‍රී ලංකාව අවසන්වරට බංග්ලාදේශය පරාජය කළේ 2019 වසරේ ශ්‍රී ලංකාවේ පැවති තරගාවලියකදී.