28.4 C
Colombo
Sunday, July 6, 2025

රාගම, කඳාන, ජාඇල සහ වත්තල විශේෂ මෙහෙයුමෙන් 300 ක් අත්අඩංගුවට

Published:

පොලීසිය, පොලීස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව හා නාවික හමුදාව එක්ව ඊයේ (04) රාත්‍රියේ කදාන, ජාඇල, වත්තල හා රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා.

එහිදී නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ විවිධ නීතිවිරෝධී ක්‍රියාවන් හා සම්බන්ධ පුද්ගලයන් 300 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඊයේ රාත්‍රිය පුරා සිදුකළ මේ හදිසි විශේෂ සෝදිසි මෙහෙයුමේදී ජා ඇල, වත්තල, කදාන හා රාගම ප්‍රදේශ මූලික කර ගෙන රථවාහන සෝදිසි කිරීමේ විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කර දැමීමේ ක්‍රියාවලියෙහි එක් පියවරක් වශයෙන් මෙම සෝදිසි කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඉදිරියේදී ද මෙවැනි විශේෂ සෝදිසි කිරීම් දිවයින පුරා සිදු කිරීමට බලාපොරොත්තු වන අතර, එම සෝදිසි කිරීම් සදහා මහජනතාව වශයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන මෙන් එම අමාත්‍යංශය වශයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img