29.5 C
Colombo
Sunday, July 6, 2025

පහ වසර ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ නැහැ – ජනපති ….

Published:

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉදිරියේදී අහෝසි කිරීමට රජය තීන්දුවකට එළඹ ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

පහේ ශිෂ්‍යත්වය ආරම්භ කලේ සි.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ කාලයේදී දුප්පත් ළමුන් වෙනුවෙන් යහපත් අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍ය නිසා ඇති කරපු දෙයක්. අද කාලේදී වෙන්නේ එය නෙවෙයි. අද සරසවි වල අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් සියට 14ක් පමණයි ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා ආපු අය ඉන්නේ. ඉතිරි සියට 86 ශිෂ්‍යත්ව විභාගය සමත් වුනු ළමුන් නෙමෙයි.

මේ ශිෂ්‍යත්ව විභාගය නිසා ළමුන්ගේ මානසික තත්ත්වයට ඇතිවන බලපෑම ගැන සිතා බලා ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න අපි රජයක් වශයෙන් තීන්දුවක් අරන් තිබෙනවා යැයි ජනාධිපතිවරයා පොළොන්නරුවේ රාජකීය විදුහලේ පැවති උත්සවයක් අමතමින් ප්‍රකාශ කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img