25 C
Colombo
Thursday, August 21, 2025

බොරැල්ල වෙඩිතැබීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Published:

බොරැල්ල පොලිස් වසමේ හල්ගහකුඹුර ප්‍රාදේශීය පුද්ගලයෙකු හට ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් හා බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අපරාධය සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (04) රාත්‍රී කාලයේ බොරැල්ල පොලිස් වසමේ සිරිසර උයන හා වැල්ලම්පිටිය පොලිස් වසමේ සේදවත්ත යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් අවුරුදු 18 හා 19 වයස්වල පසුවන බොරැල්ල හා වැල්ලම්පිටිය ප්‍රදේශවලදී පදිංචිකරුවන්.

එක් සැකකරුවෙකු අපරාධයට යොදාගත් යතුරුපැදියේ පැදිකරුයි.

මෙම අපරාධයට අදාළ සැකකරුවන් 06 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img