25 C
Colombo
Thursday, August 21, 2025

වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ඉල්ලීම සලකා බැලීම ලබන 08 වනදා

Published:

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ ඇප ඉල්ලීම පිළිබඳව ලබන 08 වනදා කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විත්තියේ නීතිඥවරුන්ට අද (04) නියම කළා.

සැකකාර වෛද්‍යවරිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් අද මෝසමක් ඉදිරිපත් කරමින් මේ සම්බන්ධව කරුණු දක්වා සිටියා.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් මෙම ඇප ඉල්ලීමට විරෝධය පළ කළා.

කෙසේ වෙතත් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩුකරය ලබන 08 වනදා කැඳවීමට නියමිතව තිබෙන බැවින් එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img